ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඊයේ සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පෙරළිකාර ජයග්‍රහණයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක්කර තිබුණා.ඊයේ පැවති තරගයේදී දක්‍ෂ කී‍්‍රඩා විලාශයක් පෙන්වමින් ශී‍්‍ර ලංකාවට ජය ගෙනදුන් දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තමන් උණුසුම් සුබපැතුම් එක් කරන බවයි ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර තිබුනේ.
ඒ අනුව 1999 පැවති ලෝක කුසලාන තරගාවලියෙන් පසු එංගලන්ත කණ්ඩායම සමග පැවති සෑම එක්දින තරගයක්ම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට සමත්ව තිබෙනවා.මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ශී‍්‍ර ලංකා කණ්ඩායම ලද මෙම ජයග‍්‍රහණයට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කර තිබුණා.