News Line| Off Air
Generic placeholder image

Jun
22

ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට නොහැකි බව හිස්බුල්ලා කියයි

706 Views


ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට නොහැකි බව හිස්බුල්ලා කියයි

මඩකලපුව – පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ නීතිමය හැකියාවක් නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසන අතර මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියා.

එම විශ්වවිද්‍යාලය හදිසි නීති රෙගුලාසි යටතේ වහාම රජයට පවරා ගන්නා ලෙස අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ නිර්දේශ කළේ එම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කල නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම විශ්වවිද්‍යාලයේ සභාපති හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පුත් හිරාස් හිස්බුල්ලා පසුගිය මාර්තු 14 වනදා අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැදවනු ලැබුවා.

අදාළ විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පවතින බව ඔහුගේ ප්‍රකාශයන් පිළිබද සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි කාරක සභා වාර්තාවේ සඳහන් වනවා.

ඒ අනුව මඩකලපුව ෂරීයා විශ්ව විද්‍යාලයට මුදල් ලැබුනු ආකාරය පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞදි අරාබි තානාපති කාර්යාලය එක්ව සම්පුර්ණ පරික්ෂණයක් කල යුතු බවටද නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා කියා සිටියේ මෙහිදී තම පාර්ශවය කිසිදු වරදක් සිදුකර නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post