අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ රජයේ අමාත්‍යවරු 03 දෙනෙකු පාස්කු ප‍්‍රාරය සම්බන්ධයෙන් කරුණූ සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවීමට තීරණය කර තිබෙනවා
මෙලෙස කැඳවීමට තීරණය කර ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්
අමාත්‍යවරුන් කැඳවීමේ දිනය මෙතෙක් තීරණය කර නොමැති අතර තේරීම් කාරක සභාව ලබන 26 වනදා රැස් වීමට නියමිතයි.
එදිනට කාරක සභාව හමුවට කැදවන සාක්ෂිකරුවන් කවුරුන්ද යන්න ලබන අගහරුවාදා ප‍්‍රකාශයට පත් කර බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ.
කාරක සභාව හමුවේ මේ වන විට පාර්ශව 12 ක් සාක්ෂි ලබා දී අවසන්.
ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් කාරක සභාව හමුවට කැදවා තිබුණේ පසුගිය 29 වනදා යි.
ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් කොමිසම හමුවේ ඊට පසු සතියේ සාක්ෂි ලබා දුන්නා.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා කාත්තන්තුඩි මුස්ලිම් දේවස්ථානයේ සභාපතිවරයා කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ පසුගිය 11 වනදායි.
සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයාද එදින සාක්ෂි ලබා දුන්නා.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල් .ඒ. එම් හිස්බුල්ලා හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුණේපසුගිය 12 වනදායි.
පසුගිය 18 වනදා කාරක සභාව හමුවේ කාත්තන්කුඩිය පොලිසියේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. පී කස්තුරිආරච්චි සහ එහි හිටපු ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර යන මහත්වරුන් සාක්ෂි ලබාදුන්නා.
පසුගිය 20 වනදා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ සිලොන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික සහ කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ මුස්ලිම් සංවිධානයක නියෝජිතයෙකුයි.