News Line| Off Air
Generic placeholder image

Jun
22

පවතින වැසි තත්වයත් සමග ඩෙංගු පැතිරීමේ අවධානමක්

543 Views


පවතින වැසි තත්වයත් සමග ඩෙංගු පැතිරීමේ අවධානමක්

පවතින වැසි තත්වයත් සමග කොළඹ ගම්පහ කලූතර ගාල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා
ඩෙංගු රෝග මර්ධනය සඳහාදිවයින පුරා ඩෙංගුමර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර තිබෙන බවයි එම ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන්කළේ.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් ඇති අතර වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 22, 283 ක්.
වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන්.
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පමණක් වාර්තා වි ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 4, 790 ක්.
ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2, 909 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඩෙංගු රෝගය හේතුවෙන් මෙම වසරේ මරණ 33 ක් වාර්තා වී ඇති අතර ජූනි මාසයේ මේ වන විට හඳුනා ගෙන ඇති ඩෙංගු රෝගීන් ගණන 2, 111 ක්.
ඩෙංගු මදුරුවන් බෝවන පරිශ‍්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post