News Line| Off Air
Generic placeholder image

Jun
24

ඉන්දුනිසියාවේ භූ කම්පනයක්

781 Views


ඉන්දුනිසියාවේ භූ  කම්පනයක්

ඉන්දුනිසියාවේ “බණ්ඩා මුහුදු “ප්‍රදේශයේ අද(24) උදෑසන භූ කම්පනයක් ඇතිව තිබෙන අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.3ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම භූකම්පනය ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල වී නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩිදුරත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post