News Line| Off Air
Generic placeholder image

Jun
24

‘‘කිසිවෙකුත් නැත’’ ඡන්ද පත‍්‍රිකාවේ අලුත්ම තීරයක් ගෙන ඒමට කථිකාවක්

680 Views


‘‘කිසිවෙකුත් නැත’’ ඡන්ද පත‍්‍රිකාවේ අලුත්ම තීරයක් ගෙන ඒමට කථිකාවක්

ඡන්ද පත‍්‍රිකාවට ‘‘කිසිවෙකුත් නැත’’ යනුවෙන් අලුත් තීරයක් එක් කිරීම සම්බන්ධයෙන් පුළුල් කථිකාවක් සිදු කළ යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන බවත් මෙවැනි තීරයක් එක් කිරීම තුළින් යහපත් මෙන්ම අයහපත් තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි සදහන් කරන්නේ. මැතිවරණ කොමිසමේ සාමාජික සමන් රත්නායක ප‍්‍රකාශ කළේ ඡන්ද දායකයා අකමැති අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත් වී ඇත්නම් එවැනි අවස්ථාවක සිය මතය ප‍්‍රකාශ කිරීමට මෙම තීරය එක් කළ යුතු බවට යෝජනා වී ඇති බවයි.

ඡන්ද පත‍්‍රිකාවට ‘‘කිසිවෙකුත් නැත’’ යනුවෙන් අලුත් තීරයක් එක් කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් ද ඉල්ලීම් ලැබී ඇති බවයි වැඩි දුරටත් මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් ද දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසම කියා සිටියා. කෙසේවෙතත් මෙම නව තීරුව එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද පති‍්‍රකාවට එක් කරන්නේ දැයි නිශ්චිත තීරණයක් ගෙන නැහැ.


News Articles
Latest Videos
Most Popular Post