News Line| Off Air
Generic placeholder image

Jun
24

අබ්දුල්ලා යළි රිමාන්ඩ්

540 Views


අබ්දුල්ලා යළි රිමාන්ඩ්

පාස්කු ඉරු දින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවයේ නියුතුව සිටි රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නමැති සේවකයා ලබන 08 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදී ත්‍රස්ත මර්ධන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 8 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයටද නියම කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post