News Line| Off Air
Generic placeholder image

Jun
24

ශරියා විශ්වවිද්‍යාලය ගැන නිර්දේශ වාර්තාව හෙට කැබිනෙට්ටුව හමුවට

434 Views


ශරියා විශ්වවිද්‍යාලය ගැන නිර්දේශ වාර්තාව හෙට කැබිනෙට්ටුව හමුවට

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට (25) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා.

අදාළ විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවේ පිටපතක් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කරන බව ආශු මාරසිංහ මන්ත්‍රීවරයා සදහන් කළ අතර මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හදිසි නීතිය යටතේ රජයට පවරා ගැනීමට කිසිඳු බාධාවක් නොමැති බව ද ආශු මාරසිංහ මහතා එහිදි පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post