කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද (24) මධ්‍යහන 12සිට පැය 24ක් පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පානදුර සහ හොරණ යන රෝහල්වල අද මෙලෙස මධ්‍යහන 12න් පසු වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.
අද පෙරවරුවේ කළුතර රෝහලෙන් ආරම්භ කරන ලද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට පිරිසක් බාධා කිරීමේ සිද්ධියකට විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කරන බව එම සංගමය සදහන් කළා.