විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(24) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි විවාහක යුවළ දෙකක් වන අතර, මොවුන් සමඟ වයස අවුරුදු දෙකක පමණ වන දියණියකද සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළා.
මෙලෙස මෙම පිරිස අද උදෑසන 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ඒ අනුව රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් (53,13,000) ක් වටිනා දුම්වැටි 96,600 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ගුවන් තොටුපල රේගුව පවසනවා.