News Line| Off Air
Generic placeholder image

Jun
25

තේරීම් කාරක සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක්

579 Views


තේරීම් කාරක සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක්

තේරීම් කාරක සභා සාමාජිකයින්ගේ රැස්වීමක් අද කැඳවා තිබෙනවා.
හෙට පැවැත්වෙන් තේරීම් කාරක සභා රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි එහි ප‍්‍රකාශයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා තේරීම් කාරක සභාව හමුවට හෙට කැඳවා තිබෙනවා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා අමාත්‍යවරුන් වන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද කාරක සභාව හමුවට කැදවීමට තීරණය කළේ පසුගියදා රැස් වූ එම කාරක සභා රැස්වීමේදීයි.
කාරක සභාව හමුවේ මේ වන විට පාර්ශව 13 ක් සාක්ෂි ලබා දී අවසන්.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවත් පත් කළේ පසුගිය මස 23 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post