යුද හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසනවා.
කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ අදාළ පිරිස ගැටී ඇති අතර යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.
මියගිය පිරිස හා බරපතළ තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසනවා.