ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා එනම් සිකුරාදා උදෑසන 09.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත් වෙන බව ද අමාත්‍යාංශය නිවේදයක් නිකුත් කරමින් සදහන් කළා.
ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමාගේ ඍජු අධීක්ෂණය සහ සහභාගිත්වය යටතේ පැවැත්වෙන එම වැඩසටහනට දැනට විශ්‍රාමලත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන්ට සහභාගි වන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඉල්ලා සිටිනවා.