News Line| Off Air
Generic placeholder image

Jun
26

අයි එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු අත්අඩංගුවට

691 Views


අයි එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු  අත්අඩංගුවට

ගතවූ මාස 06 ක කාලය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි.
ඉරාකය හා සිරියාව තුළ තව දුරටත් අයි .එස් සංවිධානය සමග පුහුණු වීම් කටයුතු සිදු කරන ඉන්දීය ජාතිකයින් සිටින බවට අනාවරණය වී තිබෙනවා.
මේ අතර ඉරාකයේ සහ යේමනයේ අයි.එස්. ත‍්‍රස්ත නායක අබු ඔසාමා අල් මුහාජේර් අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබිය සහ යේමන ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලා.
ඒ පසුගියදා ක‍්‍රියාත්මක කළ මෙහෙයුමකින් අනතුරුවයි.
මෙම මෙහෙයුමෙන් අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා ඇතුළු තවත් ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි එම මෙහෙයුම ක‍්‍රියාත්මක කළ නිලධාරීන් සඳහන්කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post