News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

ජපන් රැකියා වලට අයදුම් කිරීම සම්බන්ධයෙන් මනුෂගෙන් ප්‍රකාශයක්

816 Views


ජපන් රැකියා වලට අයදුම් කිරීම සම්බන්ධයෙන් මනුෂගෙන් ප්‍රකාශයක්

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබද මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නොමැති බවත් එබැවින් වංචනිකයන්ට හසු නොවන ලෙසත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මීට අදාළ වීසා බලපත්‍රය වසර 10ක කාලසීමාවක් සදහා ලබාදෙන බවයි.

වෘත්තීය ක්ෂේත්‍ර 14ක රැකියා සදහා වසර 10ක කාලයකට ජපන් රජය සමග එළඹි ගිවිසුමත් සමග විශාල ශ්‍රම බලකායක් ජපානයට යැවීමේ අවස්ථාව ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post