News Line| Off Air
Generic placeholder image

Jun
27

දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි

443 Views


දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි

දිවයිනේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං තත්වයක් ද හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වාද වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

මේ හේතුවෙන් ධිවර සහ නාවුක කටයුතු වල නිරතව සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post