News Line| Off Air
Generic placeholder image

Jun
27

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව අද

463 Views


වෛද්‍ය සාෆිට එරෙහි නඩුව අද

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවනු ලබනවා. එහිදී වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබූ බව පැවසෙන වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ චෝදනා සහ අයථා ලෙස වත්කම් උපයා ගැනීමට අදාළ චෝදනා විභාග කරනු ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල යන රෝහල්වලට වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව දහසකට අධිකයි. ඊට අදාළ පරීක්ෂණ කටයුතු කොළඹ කාසල් කාන්තා රෝහලේදී සහ ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post