හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමෙන්තුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය 22 වනදා හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම කි‍්‍රයාත්මක විය යුතුයැයි එම ගැසට් පත‍්‍රයේ සදහන් වනවා.