News Line| Off Air
Generic placeholder image

Jun
27

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

615 Views


නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (26) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක ‍යාත්‍රාවක් මඟින් කච්චතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 45, 47, 50 සහ 51 ක යන වයස්වල පුද්ගලයින් වන අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන මුර සංචාර හේතුවෙන් මේ වන විට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නියැලිමට සාපේක්‍ෂව අඩුවි ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post