News Line| Off Air
Generic placeholder image

Jun
27

ආහාර පනත 2020 සිට ක්‍රියාත්මකයි

2256 Views


ආහාර පනත 2020  සිට ක්‍රියාත්මකයි

ගුණාත්මක ආහාර වේලක් තිරසර ජිවිතයක් සහ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සදහා ආහාර සුරක්ෂිතතාවය පිළිබද නව නිර්ණායක සහ රෙගුලාසි 2020 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලෝක ආහාර සුරක්ෂිතතා දින ජාතික උත්සවය අමතමින්.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව මගින් 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රථම වරට ලෝක ආහාර සුරක්ෂිතතා දිනය ප්‍රකාශයට පත් කළ අතර සෑම වසරකම ජුනි මස 07 දා එය පැවැත්වෙනවා. “ආහාර සුරක්ෂිතතාව – සැම දෙනාගේම යුතුකම” යන්න මෙවර තේමාව වූ අතර මෙම ආහාර පනත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් බැදී සිටින බවත් ඔවුන් සුරක්ෂිත ආහාර වේලක් පිළිබදව ජනතාව දැනුවත් කිරීම නිරතුරුව සිදු කල යුතු බවත් ඒ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post