රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතර තුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවා.
කම්කරුවන් පිරිසක් අදාළ පාසලේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකස් කරමින් සිටියදී පස් කන්ද කඩා වැටී ඇති අතර එහිදි ඉන් එක් අයෙකු ඊට යටවී ඇති අතර අනෙක් කම්කරුවන් විසින් ඔහු මුදාගැනීමට කටයුතු කරමින් සිටින අතර තුර තවත් පස් කන්දක් කඩා වැටී ඇති බව පොලීසිය පැවසුවා.
පස්කන්දට යට වූ කම්කරුවන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා පොතුපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. රක්වාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.