News Line| Off Air
Generic placeholder image

Jun
27

රෝහිතට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු 30 යළි අරඹයි

643 Views


රෝහිතට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු 30 යළි අරඹයි

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වනදා සහ සැප්තැම්බර් මස 10 වනදා පවත්වන බවයි.

2004 වසර සහ 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41 .2 ක වත්කම් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසමේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post