මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සදහා ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ගය අගය කරන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ දි මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඞුවම් ලබාදීමට පියවර ගත යුතු බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ රටේ ප්‍රශ්න විසඳීම සදහා වෙනත් කිසිදු පාර්ශවයක සහය ලබාගැනීම යෝග්‍ය නොවන බවයි.