News Line| Off Air
Generic placeholder image

Jun
27

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරයි

883 Views


අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරයි

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්නගේ අත්සනින් යුතුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවැනි වගන්තියට ප්‍රකාරව මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු යම් සේවකයෙකු වැඩ වර්ජනයක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post