News Line| Off Air
Generic placeholder image

Jun
27

ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් අත්අඩංගුවට

594 Views


ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (27) උදෑසන 9.00 ට පමණ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසුවා.

මෙම ඉන්දීය ජාතිකයා නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු සිදු කරන තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි අයෙකු වන අතර , ඔහු අද උදෑසන 8.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු මෙසේ පැමිණ ඇත්තේ ගුවන් තොටුපළ තුළ අත් හැරුණු ගමන් මල්ලක් රැගෙන යෑම සදහායි.
මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් , එය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරත් දී , එහි පැත්තක , දුඹුරු පැහැති කඩදාසි කොළ වල ඔතා , සාරි ගොඩක් තුළ , ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙතැම්පටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම මත්ද්‍රව්‍ය , ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල තරුණයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය මත්ද්‍රව්‍යක් බව රේගුව අනාවරණය කරගෙන ඇති අතර මෙහි ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post