මෙරටට බාල බස්රථ ගෙන්වීම වළක්වමින් ඉදිරියේදි නව නීති පනවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ගෙන්වනු ලැබු අධි සුඛෝපභෝගි බස්රථ ඩිපෝ අතර බෙදාදීමේ උත්සවයට අද(27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව විසින් මිලදී ගත් අධි සුඛෝපභෝගි බස්රථ 9 ක් ඩිපෝ අතර බෙදාදීම සිදුකෙරුනා.