ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබෙන අතර එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතායි.
එම යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය, මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් සභාපති ඉසුර දේවපි‍්‍රය විසින් ස්ථිර කර තිබෙන බව වාර්තා වනවා. මේ අතර ජනාධිපතිවරණය සඳහා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකගතාවකට පැමිණ තිබෙනවා.