News Line| Off Air
Generic placeholder image

Jun
28

බදියුදීන් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

432 Views


බදියුදීන් අද  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස් වීමට නියමිත අතර අද දිනයේ තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවීමට නියමිත බව පැවසෙනවා.
හිටපු අමාත්‍ය බදියුදීන් පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට පෙනී සිටියද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම , ප්‍රශ්න කිරිමට කාලය අවශ්‍ය වීම වැනි හේතු සාධක නිසා අද පස්වරුවේ යළි හිටපු අමාත්‍යවරයාට පෙනී සිටීමට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ .


News Articles
Latest Videos
Most Popular Post