News Line| Off Air
Generic placeholder image

Jun
28

වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු බදවා ගැනීමට සූදානම්

681 Views


වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු බදවා ගැනීමට සූදානම්

වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු ලබන සතිය තුළ බදවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සම්මුඛ පරීක්‍ෂණවලින් තෝරා ගත් 26 දෙනාගෙන් දෙදෙනෙකු ඒ සඳහා තෝරා ගැනෙනු ඇති. මෙම 26දෙනාට පොලිස් විශේෂ බලකායේ පුහුණුව ලබා දෙන බවට ප‍්‍රකාශ කෙරුණද ඔවුන්ට එම පුහුණුව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම පිරිස ඉකුත් දින කිහිපයේදි පුුහුණු සැසි සදහා යොමු කළ බවත් එම පුහුණුවීම් අද දිනයෙන් අවසන් බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා. වැලිකඩ එල්ලූම්ගහ පිහිටි ස්ථානයේද ඔවුන්ට පුහුණුවක් ලබාදි තිබෙනවා.

ඔවුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක තබා ගැනීම සදහා මනෝවෛඳ්‍යවරයෙකුද වැඩමුළු පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. මෙම පුහුණුවීම්වලදී වැඩිම ලකුණු ලබාගන්නා දෙදෙනා බදවා ගනු ලබන බව සදහන්.

වදක තනතුර සදහා බදවා ගන්නා දෙදෙනා පිළිබද ප‍්‍රසිද්ධ නොකිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නියෝගය මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී නෑ.


News Articles
Latest Videos
Most Popular Post