News Line| Off Air
Generic placeholder image

Jun
28

දිස්ත‍්‍රික්ක 04 කට අද දැඩි උණුසුම් කාලගුණයක්

689 Views


දිස්ත‍්‍රික්ක 04 කට අද දැඩි උණුසුම් කාලගුණයක්

දිස්ත‍්‍රික්ක 04 කට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත‍්‍රික්ක වලට උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි
උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාන වල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇඳුම් භාවිතා කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා
වයෝවෘද්ධ පුද්ගලයින් හා කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කල යුතුයි
මේ අතර වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 445 000 දක්වා ඉහළ ගොස් තිබෙනවා
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේයි
එම සංඛ්‍යාව 192,000 ඉක්මවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලා.
පීඩාවට පත් වූ පුද්ගලයින්ට පානීය ජලය සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post