News Line| Off Air
Generic placeholder image

Jun
28

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිගෙන් නඩු

839 Views


අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිගෙන් නඩු

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අංක 1 හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස් ,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය නම් කර තිබෙන බවයි සදහන් වන්නේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය හරහා මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් ඒ තුළින් රුපියල් බිලියන 10058 ක භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුවී ඇතැයි පෙන්වා දෙන නීතිපතිවරයා ඒ හරහා රජයට රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක් සිදුවී ඇති බවද නීතිපතිවරයා විසින් ඉකුත්දා අග විනිසුරුවරයා වෙත ඉදිරිපත් කල ලිඛිත ඉල්ලීම තුළ වැඩිදුරටත් සදහන් වෙනවා. එම කරුණ සළකා බැලූ අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට අවසර දී තිබුණා. ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයක් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post