News Line| Off Air
Generic placeholder image

Jun
28

රුපියල් ලක්ෂ 2ක් වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

489 Views


රුපියල් ලක්ෂ 2ක් වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

බදුල්ල උඩුවර අතුරුමාර්ගයකදී රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු මුදල් හුවමාරු ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් පැකට් දුරකථයෙන් දන්වන ස්ථානයන්හි සඟවා යන හෙරොයින් බෙදාහරින්නෙකු බව හෙළි වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ යට ඇඳුම් තුළ පොලිතීන් මල්ලක දැමූ හෙරොයින් පැකට් 60 ක් තිබී සොයාගෙන ඇති බව වාර්තා වනවා.

බදුල්ල උඩුවර ප්‍රදේශයේම පදිංචි සැකකරු යුද හමුදාවෙන් පලා ගිය සෙබලෙකු බවත් සිරගතව සිට මාස 2 කට පෙර නිදහස ලැබුවෙකු බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන බදුල්ල පොලීසිය මගින් සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post