ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ඩරන්හැම්හිදී පැවැති තරගයේ කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසියත් තරගයේ පළමු පන්දුවේදීම නායක දිමුත් කරුණාරත්න ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගැනීමට කාගිසෝ රබාඩා සමත් වුණා. එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 203 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. මෙම තීරණාත්මක තරගය පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට තැබූ බලාපොරොත්තු බිද වැටුණා.