හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක් ඊයේ (28) තේරීම් කාරක සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කල බව වාර්තා වනවා. ඒ අනුව එහි සඳහන් වී තිබුණේ කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ නොමැති බවයි.
පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරය ගැන සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ඊයේ ත්‍රස්තවාදීන් සමග සබඳතා ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට හෝ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බව රහස් පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බව ප්‍රකාශ කෙරුණා.