මීගමුව දළුපොත ඇළ ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මේ වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙනවා.
ඉකුත් පෙබරවාරි 5 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු ඩුබායි පොලිස් අත්අඩංගුවට ගැනුණ අතර ඔහු මාස තුනකට ආසන්න කාලයක් සිරගත කර සිට ඩුබායි රටෙන් පිටුවහල් කිරිමෙන් පසු මෙරටට පැමිණියා.