අනුරාධපුරයේ ජලය බැස යන ජල මාර්ග 6 ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය, බස් නැවතුම්පල සහ සියළු ප‍්‍රවාහන මාදිලි එකට යාකෙරෙන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසුවා.
ඒ රුපියල් මිලියන 53 ක වියදමින් සංවර්ධනය කරන ලද ජය ශ‍්‍රී මහා බෝධින්වහන්සේගේ නැගෙනහිර ප‍්‍රවේශ මාර්ගය බැතිමතුන් උදෙසා විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය, ඇමති චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අනුරාධපුරයේ ශුද්ධ නගරයට ද්වාර 6 ක් සහ ද්වාර 6 හරහා දිවෙන මං පෙත් 6 ක් ඉදිකෙරෙන බවත්, ශුද්ධ නගරයේ අනවසර ඉදිකිරීම් ලෝලූ ගස් වැවට රැගෙන යාමට කටයුතු කරන බවත්, අතීත ශ‍්‍රී විභූතියෙන් පිරි අනුරපුර නගරය නවීන තාක්ෂණයට යටත්ව සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා එහිදී වඩිදුරටත් ප්‍රකාශ කළා.