News Line| Off Air
Generic placeholder image

Jun
29

මධුෂාන් 07 බහුදින ධීවර යාත්‍රාව අනතුරට

715 Views


මධුෂාන් 07 බහුදින ධීවර යාත්‍රාව අනතුරට

ධීවරයන් තිදෙනෙක් රැගත් බහු දින ධීවර යාත්‍රාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයේදී අනතුරට පත්වී ඇති අතර බෝට්ටුවේ සුන් බුන් අම්බලන්ගොඩ උස්මුදුල්ලාව වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා.

කෙසේවෙතත් මෙහි සිටි ධීවරයින් තිදෙනා බෝට්ටුවේ සුන් බුන්වල එල්ලී නිරුපද්‍රිතව ගොඩ බිමට පිහිනා ඇති බව සදහන්.

ඊයේ (28) සවස 4ට පමණ මධුෂාන් 07 නැමැති බහුදින ධීවර යාත්‍රාව බේරුවල වරායේ සිට මුහුදු ගොස් ඇති අතර බෝට්ටුව පෙරළී අනතුරට ලක්ව ඇත්තේ අද අලුයම් කාලයේදීයි.

යාත්‍රාව පෙරළී ගල් පරවල ගැටීමෙන් සම්පූර්ණයෙන් අබලන් තත්ත්වයට පත්ව ඇති බවත් එහි සිටි ධීවරයින් තිදෙනා විනාශ වු බෝට්ටුවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩ බිමට පැමිණ ඇති බවත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post