News Line| Off Air
Generic placeholder image

Jul
1

එංගලන්තය ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරයි

782 Views


එංගලන්තය ඉන්දියාව පරාජය කරමින්  ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරයි

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණඩායම අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්තය ලකුණු 31ක ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් රැස්කර ගත අතර .පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 306ක් පමණයි. මේ අතර මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන 08වන තරගය අද (01) පැවැත්වෙනවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.


News Articles
Latest Videos
Most Popular Post