කොළඹ වරායේ සිට කොලොන්නාව ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නළ මාර්ගයේ ඉතිරි මීටර් 140 ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදෙන බව පවසමින් පෙර දැනුම් දුන් පරිදි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවා තිබෙනවා.
මෙම නල මාර්ගයේ කිලෝමීටර 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය පසුගිය 24 වැනිදා නතරවූයේ තෙල් ප්‍රවාහන නල මාර්ගය මත ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ විරෝධය හේතුවෙන්.
මෙය පිටුපස සිටින්නේ රවී කරුණානායක අමාත්‍යවරයා බවට චෝදනා එල්ල කරන ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති කියා සිටියේ මෙම නලය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදුනහොත් අද (01) සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවන බවයි.
අමාත්‍ය රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් ඊයේ අදහස් පළ කළා.
ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුවට අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් විසදුම් ලබා දෙන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පියවර ගෙන තිබෙනවා.