News Line| Off Air
Generic placeholder image

Jul
1

රාජිත ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතයි

575 Views


රාජිත ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතයි

චින සිගරට් ලංකාවට ගෙන ආවොත් කිසි විටෙකත් එවැනි රජයක තමාට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි බව අද(01) උදෑසන කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවා.

අද බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එළි දැක්වීමේ වැඩසටහනට පැමිණීමට තමාට ආරාධනා කිරීම ගැන ජනාධිපතිවරයාට ස්තූති වන්ත වන බව ද පැවසු අමාත්‍යවරයා, 2015 ජනවාරි මස 8 වන දා රටේ ඇති කල වෙනස තුළින් මෙම සටන ආරම්භ කල බව ද පැවසුවා.

කෙසේ වෙතත් අතීතයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා මෙම සටන ආරම්භ කරමින් දුම්කොළවලට විරුද්ධව නොයෙක් විදි විදාන ගෙනා බවත් ඒ අනුව සියයට 80 ක රූපමය අවවාදය ගෙන ඒමට හැකි වු බවත් රාජිත සේනාරත්න මහතා කියා සිටියා.

ජනපති ආරම්භ කල සටන එතැන් සිට තමා ඉදිරියට ගෙන ගිය බව ද පැවසු අමාත්‍යවරයා,ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි සම්බන්ධ ප්‍රඥප්ති 22 න් 20 ක් කර අවසන් රට බවට ලංකාව පත්ව ඇති අතර, ඉතිරි 2ක සිදු කිරීමෙන් දුම්කොළ ප්‍රඥප්තිය ක්‍රියා කල පළමු රට බවට ලංකාව පත්වෙන බව සඳහන් කළා,

එමෙන්ම ඇතැමුන් චින සිගරට් ලංකාවට ගෙන ඒමට සුදානමින් සිටින අතර එහි වගකීම ඇත්තේ රේගුව ඇතුළු සෙසු පාර්ශවයන්ට බවද රාජිත සේනාරත්න මහතා කියා සිටියා.

තවද හෙට(02) දිනයේ දී මේ ගැන කැබිනට් මණ්ඩලයේ දී කථා කිරිමට තමා සුදානම් බව පැවසු අමාත්‍යවරයා, දරුවන් මත් උවඳුරෙන් බේරා ගන්න ජනපති විසින් සිදු කරන මෙම ක්‍රියාවලියට සම්පූර්ණ ශක්තිය ලබා දෙන බවද පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post