කිලිනොච්චිය නගර මධ්‍යයේ පිහිටි ඉපැරණි නෙල්ලි ගසක් විනාශ කිරීමට ඇසිඩ් යෙදූ පුද්ගලයන් දෙදෙනෙකු පිලිබද කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරින් පොලීසියට කළ පැමිණිල්ලක් මත කිලිනොච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලීසිය පැවසුවා.