News Line| Off Air
Generic placeholder image

Jul
1

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනපතිට

970 Views


ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමෙන් රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනපතිට

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු වුනා.

වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී ගිනි නිවන රථ පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ එරංගා තිලකරත්න මහත්මිය විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

මෙම ගිනි නිවන රථ දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post