ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී කණ්ඩායමක් ලෙස රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ගනිමින් කඩුලූ 06කට ලකුණු 338ක් රැස් කළා.එහිදී සිය මංගල එක්දින ශතකය රැස්කර ගනිමින් තවමත් 21 වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දු ලබාගත් ලකුණු 104 කැපී පෙණුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09 ක් දැවී රැස් කලේ ලකුණු 315 ක් පමණි. එහිදී සුවිශේෂී පිතිකරණයක නිරත වූ කොදෙව් පිළ වෙනුවෙන් නිකොලස් පුරන් පන්දු 103 කදී වේගවත් ලකුණු 118 ක් රැස් කළා.
කෙසේවෙතත් ජයග්‍රහණය හඹා ගිය කොදෙව්වන් මෙල්ල කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.ඒ දක්ෂ පිතිකරණයක නිරත වූ නිකොලස් පුරන් දවාගනිමින්. මැතිව්ස් මෙලෙස පන්දුවාරයක් ක‍්‍රියාත්මක කළේ 2017 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්. ඒ ඔහු අබාධයකට ලක් වීම හේතුවෙන්.
ඒ අනුව තරගයේ වගකීම මැනවින් ඉටු කළ මැතිව්ස් සහ මාලිංගගේ පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිළට ගිලිහෙමින් තිබු ජය තමන් සතු කර ගැනීමට හැකි වුණා. තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු.