News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

අද ලග්න දෙකකට වියදම් වැඩිවන දිනයක් – සම්පුර්ණ විස්තරය මෙන්න

733 Views


අද ලග්න දෙකකට වියදම් වැඩිවන දිනයක් – සම්පුර්ණ විස්තරය මෙන්න

රාහු කාලය – පෙ.ව 03.04 සිට 04.34

සුභ දිශාව – බස්නාහිර

මරු සිටින දිශාව – වයඹ

 

 

මේෂ ලග්නය

ව්‍යාපාර හා රැකියාවේ කටයුතු සාර්ථක වේවි.වත්කම් දියුණුවට පත් කර ගත හැකි වෙනවා.අන් අයට උපකාර කිරීමට හැකි වෙනවා.ගෙදරදොර කටයුතු දියුණු වෙනවා.අධ්‍යාපන කටයුතු වලට සුභයි.

ජය වර්ණය – සුදුපැහැය                 ජය අංකය – 04

 

වෘෂභ ලග්නය

ලාභ ලැබිය හැකි දිනයක්.අන් අයගේ කටයුතු වලට උපකාර කරනවා.රැකියාවේ කටයුතු දියුණු කර ගත හැකියි.කෙටි ගමන් බිමන් සාර්ථක වෙනවා.කතාවේ දක්ෂතාවයෙන් ධනය ඉපැයිය හැකි වෙනවා.

ජය වර්ණය – සුදුපැහැය                 ජය අංකය – 03

මිථුන ලග්නය

තැනට සුදුසු ආකාරයට කටයුතු කරමින් දිනයේ දියුණුව ලබනවා.උනන්දු වී කටයුතු කිරීමෙන් ධනය උපයා ගත හැකියි.

ජය වර්ණය – සුදු පැහැය               ජය අංකය – 02

 

කටක ලග්නය

පෙම් සබදතා දියුණු වෙනවා.වචන භාවිතයෙන් දියුණු විය හැකියි.එයට උත්සහ කර බලන්න.ධනය ලැබිය හැකි දිනයක්.ගෙදරදොර කටයුතු දියුණු වෙනවා.

ජය වර්ණය – තැඹිලි පැහැය                       ජය අංකය – 02

 

සිංහ ලග්නය

ඔබ ප්‍රධානත්වය සදහා කටයුතු කරන දිනයක්. දියුණු වීමට කැමති දිනයක්. සතුටින් සිටීමට ආස කරන දිනයක්. තම පවුලේ කටයුතු දියුණු කරනවා.

ජය වර්ණය – තැඹිලිපැහැය                        ජය අංකය – 01

කන්‍යා ලග්නය

දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න.අද දිනය වඩාත් කල්පනාකාරීව ගත කරන්න.අලසකම් වර්ධනය වන දිනයක්. වියදම් පාර්ශවය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය – සුදුපැහැය                 ජය අංකය -11

තුලා ලග්නය

නිවසින් පිටවී සිටීමට වැඩි කැමැත්තක් දක්වනවා. උරුමහිමිකම් නොලැබී යාමට ඉඩ තිබෙනවා. වැඩ කටයුතු කල් දැමීම නිසා දිනයේ දියුණුව අඩු වීමට ඉඩ තිබෙනවා.මිතුරු ආශ්‍රයට යහපත්.

ජය වර්ණය – තැඹිලි පැහැය                       ජය අංකය – 11

 

වෘශ්චික ලග්නය

උනන්දුව උත්සාහය ඇතිකර ගත යුතු දිනයක්.හවුල් කටයුතු වලින් ජය ලැබේවි.මංගල කටයුතු සාර්ථක වේවි. අවබෝධයෙන් කටයුතු කරන්න.රැකියාවේ කටයුතු සාර්ථක වේවි.

ජය වර්ණය – සුදු පැහැය                ජය අංකය – 7

ධනු ලග්නය

උනන්දුව උත්සාහය ඇතිකර ගත යුතු දිනයක්.වචන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.අවබෝධයෙන් කටයුතු කරන්න.අන් අයගේ සහයෝගය ලැබේවි.අධික ලාභ වාසි ලැබේවි.

ජය වර්ණය – කොළ පැහැය                       ජය අංකය – 07

මකර ලග්නය

අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න.බාධක හමුවේ එඩිතර වන්න.අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. ගෞරවය කිර්තිය ලැබිය හැකියි.බොහොම ඉවසිලිවන්ත වන්න.පිනට දහමට සිත යොමු වෙනවා.

ජය වර්ණය – සුදු පැහැය                ජය අංකය -10

කුම්භ ලග්නය

ඉගෙනීමට බාධා ඇති වේවි.දරුවන් වෙනුවෙන් වියදම් කිරීමට සිදු වේවි.පෙම් සබදතා කෙරෙහි අවධානය යොමු කරන්න.බුද්ධිමත්ව කටයුතු කරන්න.

ජය වර්ණය – කොළ පැහැය                       ජය අංකය -10

මීන

ගෙදරදොර කටයුතු දියුණු වේවි.බලාපොරොත්තු ඉටු වෙනවා.නිවසින් පිටත ගත කරන කාලය වැඩි වෙනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න.

ජය වර්ණය – කොළපැහැය                        ජය අංකය -04

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :ලක්ස් සේනානායක


News Articles
Latest Videos
Most Popular Post