News Line| Off Air
Generic placeholder image

Jul
2

හිටපු ආරක්ෂක ලේකම් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

511 Views


හිටපු ආරක්ෂක ලේකම්  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව පැවසෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පති ලෙස කටයුතු කළ පුජිත් ජයසුන්දරට අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබීම හේතුවෙන් ඒ අනුව ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබුනද ඊයේ දිනය වන තෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම නිසා නීතිපතිවරයා විසින් කරුණු විමසීම සදහා යළිත් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ යළි ලිපියක් යොමුකර තිබුණා.

එමගින් දක්වා තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තා කර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post