News Line| Off Air
Generic placeholder image

Jul
2

කතරගම පාසල් 05 කට හෙට සිට 17 දක්වා නිවාඩු

886 Views


කතරගම පාසල් 05 කට හෙට සිට 17 දක්වා නිවාඩු

කතරගම ප‍්‍රදේශයේ පාසල් 05 ක් හෙට සිට 17 වනදා දක්වා වසා තැබීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය යේ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක නිලධාරීන්ට සහ අනෙකුත් පිරිස් වලට නවාතැන් සැපයීම සඳහා එම පියවර ගත් බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ R.M.P රත්නායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
පූජා භූමි පරිශ‍්‍රයේ ඇති කතරගම මධ්‍ය මහා විද්‍යාලය, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහා විද්‍යාලය, දෙටගමුව මහා විදුහල, ගෝතමීගම මහා විද්‍යාලය හා සෙල්ල කතරගම මහා විද්‍යාලය යන පාසල් වසා තැබෙනු ඇති.
එම පාසල් ලබන 18 වනදා යළි විවෘත කිරීමට නියමිතයි.
පාසල් වසා දමන දින සඳහා අතිරේක දින වලදී පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post