එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එල්ල කල චෝදනා සම්බන්ධයෙන් රතන හිමි පිළිතුරු දී තිබෙනවා.
ඒ අනුව රහුමාන් මන්ත්‍රීවරයා සිදු කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.අදාළ චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තමන් සටන් වදින්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව බවයි. ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා එක පෙරමුණක් ගොඩනගන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී ප‍්‍රකාශ කළා.