News Line| Off Air
Generic placeholder image

Jul
2

හිටපු නියෝජ්‍ය පොලිස්පතිට වසර 3ක සිර දඬුවමක්

629 Views


හිටපු නියෝජ්‍ය පොලිස්පතිට වසර 3ක සිර දඬුවමක්

ග්‍රාම ආරක්ෂක නිලධාරීන් තම නිවසේ සේවයට යොදවා ගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 3 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

අදාල නඩුව අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විභාගයට ගැනුණ අතර එහිදී අධිකරණය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලක්ෂ 3 ක දඩයක් ද නියම කරනු ලැබුවා.

2007 වසරේදී මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ සේවය සදහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගත් බවට හෙක්ටර් ධර්මසිරි මහතාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව විසින් මෙම නඩුව පවරා තිබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දිනයේ එහි තීන්දුව ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ සැකකරු චෝදනා 6 කට වරදකරු කරන බවයි.

ඒ අනුව එම චෝදනා 6 ට වෙන් වෙන්ව වසර බැගින් ලිහිල් සිර දඩුවම් නියම කල අතර එම සිර දඩුවම් වසර 3 කින් ගෙවී යන ලෙස ලබාදීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post