සිය වැඩවර්ජනය මෙම සතියේත් සිදු කරන්නේදැයි තීරණය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වෙනවා.
ඊට හේතු වී ඇත්තේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග මතුවී ඇති තත්ත්වයයි.ඒ අනුව මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පවා ලබාගත් බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කළා.
ඒ පිළිබඳ වැඩ වර්ජනයට සම්බන්ධ සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමෙන් පසු සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන්නේදැයි තීරණය කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ප්‍රකාශ කළේ.
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෑම සතියකම බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රී 12.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමටයි දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.