සිය වැටුප් ගැටළුවට බලධාරීන්ගෙන් මේ දක්වාත් නිසි විසදුමක් ලැබී නොමැති බව පවසමින් වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබදව වෘත්තිය සමිති නියෝජිතයින් අතර අද (02) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ අද සවස 2.00 ට වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන බවත් ඉන් අනතුරුව ගන්නා තීරණය සම්බන්ධයෙන් දැනුවත් කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.